කොරෝනා මර්දනයේදී බටහිර වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.. අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා - ඖෂධ ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

කොරෝනා මර්දනයේදී බටහිර වෙදකම ලොව පුරා අසමත්.. හෙල වෙදකම සමත්.. අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා - ඖෂධ ඇමති

කොරෝනා වෛරසය මර්දනයේදී බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකය පුරා අසමත්කමක් පෙන්වා ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් හෙළ වෙදකමේ දී මෙම වෛරසය පාලනයේ යම් සමත්කමක් පෙන්වා ඇතැයිද ඔහු පවසයි.

එනිසා හෙළ වෙදකමෙන් කොරෝනා සුවපත් කිරීම සදහා වන ඕනෑම කටයුත්තක් සදහා පූර්ණ අනුග්‍රහය රජයක් ලෙස ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා පැතිරුණු මුල් වටයේදීද හෙල වෙදකමේ යම් යම් කොටස් ප්‍රතිකාර ක්‍රම ලෙස යොදා ගත් බවත් පැවසු ඇමතිවරයා බටහිර වෛද්‍යවරුන් ඊට කිසිදු අවනම්බුවක් නොකළ බවද පැවසීය.

දෙරණ නාලිකාව සමග අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. 


No comments:

Post a Comment

Post Bottom Ad