19 හදපු මම 20ට නුසුදුස්සෙක් වෙලා – විජේදාස රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 8, 2020

19 හදපු මම 20ට නුසුදුස්සෙක් වෙලා – විජේදාස රාජපක්ෂ

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නේ එම තමන් නුසුදුස්සෙක් බවට රජය සිතන නිසා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යහපාලන රජය තමන් ඊට සුදුසු බව සැලකුවද වර්තමාන රජය තමා නුසුදුස්සෙක් ලෙස සලකා තිබෙන බව හැඟී යන බව ඔහු කියා සිටියේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් දේවල් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැනි සංශෝධනයට ඇතුල් කර තිබුණද 20 වැනි සංශෝධනයේ අනර්ථකාරී දේවල් ද පවතින බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ඒවා මෙම සංශෝධනයෙන් ඉවත්විය යුතු බවට තමන් අවධාරණය කර තිබෙන බවද විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 


No comments:

Post a Comment

Post Bottom Ad