නිල්වලා විද්‍යාපීඨය කොවිඩි 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනේ,ගුරු සිසුන් ගෙදර යවයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 8, 2020

නිල්වලා විද්‍යාපීඨය කොවිඩි 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනේ,ගුරු සිසුන් ගෙදර යවයි.

නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය COVIED 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා සුදානම් කෙරේ.එම නිසා දැනට අධ්‍යාපන කටයුතු සිදු කරන දෙවන වසර සිසුන් යුද හමුදා බස් රථවලින් අද(9) නිවාස බලා පිටත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 සියලුම සිසුන්ට විද්‍යා පීඨයෙන් බැහැර වීමට අවස්ථාව ලබා දී ඇති අතර විද්‍යාපීඨයේ කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් ට ලබාදෙන අතර .රටේ පවතින කොවිඩ් අවදානම සලකා මෙම තිරණය ගෙන ඇති බවත් දෙවන වසර සිසුන්ගේ අධ්‍යාපන කටයුතු online ඔස්සේ සිදුකිරීමට තිරණය කර තිබේ.

මේ මීට දින කිහිපයකට පෙර වයඔ ව්ද්‍යාපීඨය කොවිඩි 19 ප්‍රතිකාර සඳහා වු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට කටයුතු පිළියෙල කොට තිබෙනවා.මේ අතර විශ්වාස කටයුතු ආරංන්චිමාර්ග පවසන්නේ ඉදිරියේදි තවත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කිහිපයක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථාන ලෙස හා ප්‍රතිකාර සඳහා වු මධ්‍යස්ථාන ගැනිමට නියමිත බව වාර්ථා වෙයි.

සටහන - වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad