20 ට ආණ්ඩුවේ 7ක් දැනටමත් විරුද්ධයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 17, 2020

20 ට ආණ්ඩුවේ 7ක් දැනටමත් විරුද්ධයි !

මහත් ආන්දොලනයට භාජනය වී තිබෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනය එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම විරෝධය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෙසේ තම විරෝධය මුලින්ම ප්‍රකාශ කළ මැති ඇමතිවරුන් වුයේ අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, විදුර වික්‍රමනායක, ගෙවිදු කුමාරතුංග යන අයයි.

ඉන්පසුව විසිවැනි සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයාට දීර්ඝ ලිපි දෙකක් ලියමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද විසිවෙනි සංශෝධනයට තම හෘර්ද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කලාය. ආමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද පසුගියදා අගමැතිවරයා වෙත ලිපියක් ලියමින් ප්‍රකාශ කර ඇත්තේ 20 වන සංශෝධනය සදහා සහාය ලබා දිය නොහැකි බවයි.

මේ අතර, ‌වර්තමාන රජය පත්කිරීම සදහා විශාල කාර්යභාරයක් සිදු කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පුජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි ඇතුලු නායක ස්වාමීන් වහන්සේලා හත් නමක් විසින් 20 වන සංශෝධනය සිදු නොකරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ. පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමරපුර හා රාමාන්‍ය නිකාය ද මේ සම්බන්ධව තම විරෝධය ප්‍රකාශ කලාය. 

No comments:

Post a Comment

Post Bottom Ad