සීතාට කුඩයක් ලබාගැනීමට යොමුකල ලිපිය ප්‍රසිද්ධ කල නිලධාරීන් සොයා ඇමතිවරියගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 17, 2020

සීතාට කුඩයක් ලබාගැනීමට යොමුකල ලිපිය ප්‍රසිද්ධ කල නිලධාරීන් සොයා ඇමතිවරියගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක්

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් ඇගේ පරිහරණය සඳහා අමාත්‍යංශයෙන් කුඩයක්, විදුලි ලාම්පුවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ලා යැවු ලිපිය සමාජ මාධ්‍ය වෙත ලබාදුන් අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් සොයා මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තාවේ.

එම ලිපිය සමාජමාධ්‍ය හරහා ප්‍රසිද්ධවීම හේතුවෙන් තමන් මහත් අපහසුතාවයට පත්නු බවත් තමන්ගේ කීර්තිනාමයට බරපතල හානියක් ඉන් සිදුවූ බවත් පවසා ඒ පිලිබදව වහාම පරීක්ෂණයත් සිදුකොට අදාල වැරදිකරුවන්ට දඩුවම් ලබාදන ලෙස ඇය නියෝග කර තිබේ.

අමාත්‍යවරිය විසින් මේ පිලිබදව ජනාධිපතිවරයාද දැනුවත්කර ඇති බවත් ඔහුද ඒ පිලිබදව සොයාබලන ලෙස උපදෙස්දී තිබේ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ගේ පරිහරණය සඳහා ඇපල් iPhone දුරකථනයක් සහ iPad පරිගණක යන්ත්‍රයක් හා රාජ්‍ය අමාත්‍යවරියගේ නිල රථය සඳහා විදුලි ලාම්පුවක්, කුඩයක් සහ පසුගමන් ආරක්ෂක රථය සඳහා VIP විදුලි බල්බ මිලදී ගැනීමට මුදල් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය වෙනුවෙන් ඇයගේ පුද්ගලික ලේකම්වරයා විසින් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට තිබිණි. 


news source - colomboxnews


No comments:

Post a Comment

Post Bottom Ad