20ට පක්‍ෂ වූයේ හකීම්ගේ අනුමැතියෙන්.. සහාය දුන් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන් කියයි..[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 24, 2020

20ට පක්‍ෂ වූයේ හකීම්ගේ අනුමැතියෙන්.. සහාය දුන් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන් කියයි..[Video]

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන ලද්දේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය මත බව එම පක්‍ෂයේ සිටිමින් සංශෝධනයට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරයෙක් සදහන් කරයි. HMM හාරිස් මහතා දෙමළ මාධ්‍ය රූපවාහිනී නාලිකාවට මේ බව හෙලි කරමින් ප්‍රකාශයක් ලබාදී තිබේ.

තම මන්ත්‍රීවරුන් සිව්දෙනා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව රවුෆ් හකීම් මහතා දැනුවත් බවත් ඔහුගේ අනුදැනුම මත ඡන්දය ලබා දුන් බවත් ඔහු එහිදී සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්‍ෂ නායක රාවුෆ් හකීම් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වී තිබේ.

එම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලයද ඉක්මනින්ම හමුවනු ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad