20ට පක්‍ෂ වී විපක්‍ෂයෙන් ආ දෙනෙකුට ඇමති ධුර.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 24, 2020

20ට පක්‍ෂ වී විපක්‍ෂයෙන් ආ දෙනෙකුට ඇමති ධුර..

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවට සහාය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් දෙදෙනෙකුට රාජ්‍ය ඇමැති ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකු එම සංශෝධනයේ දී රජයට පක්ෂව සහාය ලබා දුන්නේ ය.

සමගි ජන බලවේගය විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ගේ ආසන විපක්‍ෂයෙන් ඉවත් කිරීමටද නියමිතව තිබේ.

19 සංශෝධනය මගින් ඇමතිවරුන් සඳහා පනවා තිබූ සීමාව එලෙසම පවතින නිසා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළ හැකිය.

දැනට රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පත්කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad