මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක් - ඩයනා ගමගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 28, 2020

මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක් - ඩයනා ගමගේ

මන් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමෙන් පසුව බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. සමගි ජන බලවේගය පක්ෂයේ අයති අයිතිය ඇත්තේ තම සැමියාට බවත් තමන් එම පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවත් ඇය පවසයි.

තමනට ඉදිරියේදී කුමන ඇමති ධූරය ලැබේවිදැයි ප්‍රකාශ කළ නොහැකි බව ද ඇය සඳහන් කරන්නීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ යාළුවෙක් බවත් තම සැමියා බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙක් බවත් ඇය සඳහන් කළේ කළාය.

ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල කරන නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad