පළමුවෙන්ම සොයා ගනු ලබන කොරෝනා මර්දන එන්නත් අංගසම්පූර්ණ නොවිය හැකි අතර සැම දෙනාටම ප‍්‍රතිපලදායී නොවීමට ද ඉඩ ඇති බව එංගලන්තයේ එන්නත් කාර්ය සාධන බළකායේ ප‍්‍රධානියා වන කේට් බින්ග්හැම් විසින් ප‍්‍රකාශ කර තිබේ. වත්මන් කොරෝනා වසංගතයෙන් මිදීමට ඇති එකම මාර්ගය කොරෝනා මර්දන එන්නතක් විදීම බව පෙන්වා දෙන ඇය, වෛද්‍ය ඉතිහාසයේ මෙතරම් පිරිසක් එන්නතක් අපේක්ෂාවෙන් සිටින එකම අවස්ථාව මෙය බව සඳහන් කර තිබේ.
‘ලැන්සෙට්’ සඟරාවට ලිපියක් ලියමින් එංගලන්ත එන්නත් කාර්ය සාධන බළකායේ ප‍්‍රධානියා මේ බව සඳහන් කර තිබේ. කොරෝනා වෛරසයට එරෙහිව අපට එන්නතක් සොයා ගැනීමට හැකි වේදැයි කියා කීමට ද නොහැකියි. මේ නිසා එවැනි එන්නතක් පිළිබඳව අනවශ්‍ය ලෙස විශ්වාස කිරීම සිදු නොකළ යුතුයි’ ඇය වැඩිදුරටත් පවසා තිබේ.
සංස්කරණය ඒමන්ති මාරඹේ
-Divaina News paper.
No comments:
Post a Comment