20 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. ශ්‍රේශ්ඨාධිකරන මතය කතානායක දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

20 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. ශ්‍රේශ්ඨාධිකරන මතය කතානායක දන්වයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්නවා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එම පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති තුනෙන් දෙකේ බහුතර කින් සම්මත කරගත හැකි බවත් ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය වී ඇතැයිද කතානායක වරයා කියා සිටියේය.

පනත් කෙටම්පතේ ඇති 3, 5, 14, 22 වගන්ති ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad