මගේ වැඩ බලල චෝදනා කරන්න - මම වැඩ භාර අරන් තව සතියකුත් නෑ : Yoshitha Rajapaksa - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

මගේ වැඩ බලල චෝදනා කරන්න - මම වැඩ භාර අරන් තව සතියකුත් නෑ : Yoshitha Rajapaksa


තමන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ රාජකාරී ආරම්භ කර තවමත් සතියක කාලයක් වත් නොමැති බවත් තමා වැඩකරන ආකාරය බලා චෝදනා කරන ලෙසත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පැවැසීය.

“2016 දී මම නඩුවකුත් නැතිව වැඩ තහනමක් ලක්වුණා. ඒ අවධියේදී මගේ පියාට මම වැඩකළා. ඒ පුහුණුවත් එක්ක අවුරුදු හතරකට පස්සේ මට නැවතත් රස්සාව ලැබුණා. එතුමා හිතුවා මම එතන සිටිය යුතුයි කියලා.

අපි හොඳක් කළත් නරකක් කළත් සමාජයට කියන්න දේවල් තිබෙනවා. හොඳ දේත් ගන්න පුළුවන් නරක දේත් ගන්න පුළුවන්. සමාජය ඒක තීරණය කරයි.

මම වැඩකරන විදිහ බලලා රටට සේවය කරන විදිහ බලලා මට චෝදනා කරන්න. මම වැඩභාර අරගෙන තව සතියකුත් නෑ. අවුරුද්දකින් මේ දේ අහන්න”

No comments:

Post a Comment

Post Bottom Ad