දෙදහසක් සේවය කරන නෙක්ස්ට් ඇඟලුම් හලේ දැනට 211කට කොරෝනා – වහාම වසා දැමීමට නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

දෙදහසක් සේවය කරන නෙක්ස්ට් ඇඟලුම් හලේ දැනට 211කට කොරෝනා – වහාම වසා දැමීමට නියෝග

ටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ඉහළ යෑමත් සමග එක් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමන ලෙස කොවිඩ් කාර්ය සාධක බළකාය ඊයේ (20 ) දැනුම් දී තිබෙනවා.

නෙක්ස්ට් නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පමණක් ඊයේ (20) වනතෙක් ආසාදිතයන් 211ක් වාර්තා වූ අතර චිෆ්වේ නමැති ඇඟලුම් ශාලාවෙන් 53 දෙනකු වාර්තා වුණා.

ඊයේ දිනයේ ඔකායා ලංකා නමැති තවත් ඇඟලුම් හලකින් රෝගියෙක් වාර්තා වි ඇති අතර මේ සමග සේවකයන් දෙදහසක් පමණ සේවය කරන නෙක්ස්ට් ඇඟලුම් හලේ සේවකයන් නවාතැන්පොළවල් තුළදීම ස්වයං නිරෝධානයට යොමු කර ආහාර පාන ලබාදෙන ලෙස ආයතන ප්‍රධානීන්ට නියෝග කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad