බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් ළමුන් 24ක් ඇතුළු 35 දෙනෙක් රෝහල් ගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් ළමුන් 24ක් ඇතුළු 35 දෙනෙක් රෝහල් ගත කරයි





පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් 35 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා


ඒ අතර පාසල් ළමුන් 24ක්  වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.


ඔවුන්  දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.


අද (02) උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ පෝඩයිස් වත්ත එන්සි කොටසේදීයි.


අනතුරට පත් සියලු දෙනා රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරුන් කියා සිටියේ.


ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන තිබෙනවා.


 එම මාර්ගය දැඩි ලෙස වලවල් හෑරී තීබිම නිසා බස් රථය වලකට වැටි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු ව ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.


ඒමෙන්ම තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස් වල පසුවන ළමුන් වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad