මින් ඉදිරියට ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

මින් ඉදිරියට ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් කියයි

සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක කියා සිටියේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි.

මෙම කි‍්‍රයාවලිය මගින් අපේක්ෂා කෙරෙන්නේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම බවයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ.

යම් අයෙකු විදේශගතව සිට පැමිණෙන විට පෞද්ගලිකව රැුගෙන එන ජංගම දුරකථන ඔන්ලයින් ක‍්‍රමයට ලියාපදිංචි කිරීමේ පහසුකම් ලබන සතිය වනවිට කි‍්‍රයාත්මක කරන බව ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා. 

No comments:

Post a Comment

Post Bottom Ad