මෑතකදී හබරණ ප්‍රදේශයේ දී අලි ඇතුන් හත් දෙනෙකු අබිරහස් ලෙස මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් ජනවාරි මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මේ පිළිබඳව ජනවාරි මස 25 වනදා කරුණු දක්වන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කළා.
පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ හබරණ ප්‍රදේශයේ අභිරහස් ලෙස අලි ඇතුන් හත් දෙනකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව රජයේ බලධාරීන් විසින් මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදු කර නොමැති බවයි.
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව අලි ඇතුළු හාරසියයක් පමණ මරණයට පත්වන බව පෙන්වා දෙන පෙත්සම්කාර සංවිධානය අලි ඇතුන් පහරදීම නිසා මිනිසුන් දෙසියයක් පමණ මරණයට පත්වන බව ද සඳහන් කළා.
මේ හේතුවෙන් මෙම අලි ඇතුන්ගේ මරණ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
No comments:
Post a Comment