නිවාස සංකීර්ණයක හතරකට කොරෝනා – නිවෙස් තුළට වී සිටින ලෙස නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

නිවාස සංකීර්ණයක හතරකට කොරෝනා – නිවෙස් තුළට වී සිටින ලෙස නිවේදනයක්

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී තිබෙනවා.

ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර දේවගැති වරයෙකුට කොරෝනා ආසාදන වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් වූ කිහිප දෙනෙකුට මෙසේ වෛරසය වැළඳී ඇති බවයි වාර්තා වන්නේ.

එනිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කර හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙස පොලිසිය විසින් නිවේදනය කර තිබෙනවා.

එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා නැතත් ජනතාව නිවෙස්වලට වී සිටීම නිසා ප්‍රදේශයේ මාර්ග පාළුවට ගොස් ඇති අතර ඇතැම් රාජ්‍ය ආයතන ද වසා දැමීමට කටයුතු කර තිබුණා. 

No comments:

Post a Comment

Post Bottom Ad