ගුදමේ තිබූ විස්කි කන්ටේනරයක්ම වතුර කරලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

ගුදමේ තිබූ විස්කි කන්ටේනරයක්ම වතුර කරලා !

බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය කිරීමට යැයි පවසා රජයේ තීරු බදු ගාස්තුවලින් නිදහස්ව මාලදිවයිනෙන් මෙරටට ගෙන්වන ලද විස්කි බෝතල් පැටවූ කන්ටේනරයක් සීදූව ප්‍රදේශයේ ගුදමක රඳවා තබා තිබියදී එම මද්‍යසාර වතුර බවට පත්ව තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඉන් අනතුරුව එම බහාලුම් පරික්ෂා කිරීමේදී එහි තිබිය යුතු මද්‍යසාර වෙනුවට ඉහත කී පරිදි වතුර බෝතල් තිබී සොයාගෙන ඇති බවද වාර්තා වේ.

මෙම මද්‍යසාර දේශීය වෙළෙඳපොළට මුදාහැර ඇති බවද මෙම වංචනික ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් මිලියන 40ක පමණ බදු ආදායමක් අහිමිව ඇති බවද පැවසේ.  

2018 වසරේදී මෙරටට ගෙන්වන ලද එකී මද්‍යසාර ප්‍රමාණය ඉහත කී ස්ථානයේ තිබූ අඩි 40ක් දිගැති බහාලුමක් තුළ තිබූ පෙට්ටි එක්දහස් එකසිය හැත්තෑ නවයක් තුළ ලීටරයේ බෝතල් 15 බැගින් අඩංගුව තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 

එම බහාලුම තුළ තවත් හඳුනා නොගත් ද්‍රව්‍යයන් අඩංගු ලීටර් දෙසීයේ බැරල් විස්සක් තිබුණු බවද ඉහත කී මද්‍යසාර 2019 වසරේ නොවැම්බර් මස නැවත ප්‍රතිඅපනයනය කරන බව පවසමින් රේගුව මුළා කරමින් ගෙන්වා ඇති බවට කරුණු අනාවරණය වන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. 


No comments:

Post a Comment

Post Bottom Ad