වසර 33කට පසු අරන්තලාවේ භික්ෂූ ඝාතනය ගැන පරීක්ෂණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

වසර 33කට පසු අරන්තලාවේ භික්ෂූ ඝාතනය ගැන පරීක්ෂණ

අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට එල්ල කළ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

පරීක්ෂණ ආරම්භ කර සති 2ක් ඇතුළත ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇත.

එල්ටීටීඊ ය විසින් 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ මෙම සිදුවීම සිවිල් යුද සමයේ කොටි සංවිධානය විසින් සිදුකළ වඩාත් අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැලකෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad