රිෂාඩ් මොකක්ද අපි මධුමාධව දවස් 35ක් හංගගෙන හිටියේ - ඇමති ගම්මන්පිල CID ට මඟපෙන්වයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

රිෂාඩ් මොකක්ද අපි මධුමාධව දවස් 35ක් හංගගෙන හිටියේ - ඇමති ගම්මන්පිල CID ට මඟපෙන්වයි (VIDEO)

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පොලීසිය මීට වඩා කාර්යක්ෂම විය යුතු බවත් තමන් එසේ පවසන්නේ පසුගිය ආණ්ඩුව සමයේ මධුමාධව අරවින්දව  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වා ගන්නා තුරුම දින 35ක් පමණ සඟවා ගෙන සිටි නමුත් ඔහුව පොලීසියට සොයා  ගැනීමට නොහැකි වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය. 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (17) දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මෙහිදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා පැවති හෙයින් පොලීසිය ඔහු ගැන විමසිල්ලෙන් සිටිය යුතුව තිබූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

''නීතිපතිතුමා විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් දුන් වහාම අපිට නිවුස් ඇලර්ට් එකක් ආවා. මම හිතන්නේ රිෂාඩ් බදියුදීන්ටත් ඒ නිවුස් ඇලර්ට් එක ලැබෙන්න ඇති. ඒ නැතත් තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදුවෙමින් පැවති බවට රහස් පොලීසියෙන්ම දැනගෙන සැඟවුණා වෙන්නත් පුළුවන්. මොකද රහස් පොලිස් නිලධාරීන් සමඟ තමන්ගේ මල්ලිව අත්අඩංගුවට ගත් පසු දුරකථන සංවාද රැසක් සිදුව ඇති බවට මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.''

ඒ අනුව ''ආණ්ඩුව අපේ වුණාට පොලීසිය ගැන විමසිල්ලෙන් බලා සිටිනවා'' යනුවෙන් මෙහිදී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන ලදී. 

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අනුගමනය වෙමින් පවතින ක්‍රියාවලිය එක් අතකින් නරි නාටකයක් බව පෙනෙන්නට තිබෙන බවද හෙතෙම පැවසුවේය. 

මෙහිදී පොලීසියේ පෙර සූදානමක් නොමැති බව පෙනෙන බවද අමාත්‍යවරයා කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. 

බදියුදීන් මන්ත්‍රීවරයා චමල් රාජපක්ෂ මහතාට අතට අත දුන්නේ නැත්නම් අද මෙම සිද්ධිය සිදු නොවන්නට තිබුණා නේදැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්නයක් නගන ලදී.

ඊට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා පැවසුවේ අතට අත දීමෙන් හදට හද දීම සංකේතවත් නොවන බවයි.  


No comments:

Post a Comment

Post Bottom Ad