ඉදිරි පැය 48 තීරණාත්මකයි ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගන්නවා - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

ඉදිරි පැය 48 තීරණාත්මකයි ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගන්නවා - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල



ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.


මෙම මස 11 වෙනිදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයත් එමෙන්ම 12 වෙනිදා අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් ද හෙට දිනයේදී තීරණය කිරිමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


මේ වන විට ලැබී ඇති PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව පුද්ගලයින් 321ක් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් ඉදිරි පර්යේෂණ වාර්තා අද සහ හෙට දිනයේදී ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad