දෙහිවල දුම්රියපොළ පාරේ මාළු වෙළඳ සැලේ කොරෝනා ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ 48 ක් ස්වයං නිරෝධායනයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

දෙහිවල දුම්රියපොළ පාරේ මාළු වෙළඳ සැලේ කොරෝනා ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ 48 ක් ස්වයං නිරෝධායනයට



දෙහිවල දුම්රිය පොල පාර ,මධ්‍යම වෙළඳ සංකීර්ණය තුල ඇති මාළු වෙළඳ සැල් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ සිට ලොරි රථයකින් මාළු රැගෙන ආ පුද්ගලයකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීම නිසා ඊයෙ  (22) දින සිට නැවත දැනුම් දෙන තුරු දෙහිවල දුම්රියපොළ පාරේ මධ්‍යම වෙළඳ සංකීර්ණය මුද්‍රා තබා සම්පූර්ණයෙන් වසා දැමූණා. 


ඒ අනුව ආසාදිත පුද්ගලයා සමඟ සමීපව ඇසුරු කළ වෙළඳ සැල් දහයක පුද්ගලයින් හතලිස්අට දෙනෙකු පමණ  නිවෙස් තුල ස්ව්‍යං නිරෝධායනය සදහා  යොමු කර තිබෙනවා. මේ අතර අද(23)   එම සියලු දෙනා ඇතුළු අනූවකගේ පමණ PCR පරීක්ෂණ දෙහිවල සරණංකර  ක්‍රීඩාංගණයේදී සිදුකළ බව  දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් සංජීව මහතා පැවසීය

No comments:

Post a Comment

Post Bottom Ad