දුමින්දගේ ජනපති සමා ලියුමට විපක්ෂයේ 5කුත් අස්සන් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

දුමින්දගේ ජනපති සමා ලියුමට විපක්ෂයේ 5කුත් අස්සන් කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු බවට පත්ව මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අස්සන් තැබූ ලිපියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුද අස්සන් තබා ඇකි බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, අරවින්ද් කුමාර් සහ තවත් එක් මන්ත්‍රීවරයකු මෙසේ ඊට අස්සන් තබා ඇති බව පැවසේ.

මෙම පිරිස දෙමළ ප්‍රගතිශීලී සන්ධානය TPA ලෙස පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ තරග කළ කණ්ඩායම වේ.

දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාවක් ලබා දිය යුතු බවට අවසන් වරට පැවති පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ලිපියකට අස්සන් තැබුණු අතර ඊට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අස්සන් තබා ඇති බවද දැනගන්නට ඇත.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad