කුඩු ජාවාරමට ඈඳුණු බොලිවුඞ් තරු 9කගෙන් ප‍්‍රශ්න කරයි - ශාරුක්ගේ රසිකයෝ කේන්තියෙන්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 2, 2020

කුඩු ජාවාරමට ඈඳුණු බොලිවුඞ් තරු 9කගෙන් ප‍්‍රශ්න කරයි - ශාරුක්ගේ රසිකයෝ කේන්තියෙන්.

 මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මත්ද්‍රව්‍ය සාද පැවැත්වීම ගැන බොලිවුඩයේ සුපිරි නළුවන් නව දෙනෙකු ගෙන්වා ප‍්‍රශ්න කරන ලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක ඒජන්සියේ ප‍්‍රධානී රකේශ් අස්ගානා සිය නිලධාරීන්ට නියෝග කර ඇත.


එම නියෝගය ලැබීමත් සම`ගම මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් පිරිසක් ඊයේ (1 දා) නවදිල්ලියේ සිට මුම්බායි බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ තවත් සුපිරි නළුවන් තිදෙනෙකු ගැන තොරතුරු ලැබී ඇති බවයි.

එහෙත් මේ නළුවන් කව්දැයි හෙළි කර නැත. මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් පැවසුවේ දීපිකා පදුකෝන්, සාරා අලි කාන් සහ ෂර්දා කපූර් යන නිළියන්ගෙන් ප‍්‍රශ්න කර ඇති බවයි.

මේ අතර සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නමත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියට සම්බන්ධ බවට පළ වූ වාර්තා ගැන ඔහුට සම්බන්ධ සිනමා ලෝලීහු දැඩි කෝපයට පත්වී ඇත.

මේ වනවිට පොලිසියට ලැබී ඇති තොරතුරුවලට අනුව සාරා අලි ඛාන් රාකුත් ප‍්‍රික්යා සිට මත්ද්‍රව්‍ය භාවිත කරන බව හෙළි වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad