පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිට ලියුමක් දුන්නාම කාවහරි අත්අඩංගුවට ගන්න පුළුවන්ද ? - මුජිබර් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 11, 2020

පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිට ලියුමක් දුන්නාම කාවහරි අත්අඩංගුවට ගන්න පුළුවන්ද ? - මුජිබර්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කොටසක් අත්සන් කර ජනාධිපතිවරයාට ලිපියක් බාරදුන් පමණින් යම්කිසි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන නීතියක් මේ රටේ ඇත්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විමසයි. 

"දැන් ජනාධිපතිතුමාට ගිහින් ලියුම් දෙනවා අත් අඩංගුවට ගන්න කියලා. එහෙම පුළුවන්ද අත් අඩංගුවට ගන්න ? මේ පොහොට්ටුවෙ ඉන්න මන්ත්‍රීවරු ලියුමක් අස්සන් කරලා මේ මෙයාව අත් අඩංගුවට ගන්න පුළුවන් නීතියක් මේ රටේ තියෙනවද ? මොකක්ද ඒ නීතිය ? 

අත් අඩංගුවට ගන්න කියලා පොහොට්ටුවෙ මන්ත්‍රීවරු 100ක් ගිහිල්ලා අත්සන් කරලා ජනාධිපතිතුමාට ලියුමක් දුන්නාම ජනාධිපතිතුමා එයාව අත් අඩංගුවට ගන්න ඕනෙද ? ඔහොම අත් අඩංගුවට ගන්න ගියොත් මේ රටේ අධිකරණය වැඩක් නෑ, නීතිය වැඩක් නෑ, පොලිසිය වැඩක් නෑ, අපරාධ පරීක්ෂණ වැඩක් නෑ ... ඒ කිසි දෙයක් වැඩක් නෑනෙ. මේකද මේ නීතිගරුක සමාජය ? 

රියාජ් බදූර්දීන් මහත්තයාව නිදහස් කළේ අපි නෙවෙයිනෙ. චමල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවෙදි කිව්වා ඔහු මේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයක් නැහැයි කියලා. දැන් ඒ හින්දා ඒගොල්ලන්ට කේන්ති ගිහිල්ලා තියෙනවා. දැන් පොලිසිය කියනවා සම්බන්ධයක් නැහැයි කියලා, මේ ගොල්ලො කියනවා සම්බන්ධයි කියලා. මේ ගොල්ලො පොලිසියද ? දැන් මේ  ගොල්ලොද සීඅයිඩී එකෙ ඉන්නෙ ? එදා කතා කරපු උදවියට අද කලිසම් නැතුව තමයි පාරවල්වල යන්න වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ රියාජ් බදූර්දීන් මහතාව යළි අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් බාරදීමේ සිදුවීම පිළිබඳව ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.  

No comments:

Post a Comment

Post Bottom Ad