රටේ පවතින තත්වය අනුව අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසෙන් පිටට නොයා සිටීම ශ්‍රී ලංකාවේ ජනතාවගේ වගකීමක් බවත් කොවිඩ් 19 වෛරස ආසාදනය නොවී සිටීම සඳහා ඇති එකම විසඳුම එය බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
"ඇත්තටම බැලුවාම දින තුනකට කලින් අපට වාර්තා වුණා මෙම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් 16 දෙනෙක්. එතනින් පස්සෙ ගත්තාම මේ කතාව මේ කට්ටිය විවිධ ප්‍රදේශවලට ගියා කියන එක තේරුම් ගියා. ඔවුන් හමුවුණේ විවිධ ප්‍රදේශවල රෝහල්වලින්. ඒ කියන්නෙ මේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවලින් එහාට ගිහිල්ලා. ඒකෙන් කියන්න පුළුවන් වෙන්නෙ ඉදිරි දින 07 දී බොහෝවිට අපට ඔවුන් ගමන් කරපු ප්‍රවාහන මාධ්‍ය, ඇසුරු කරපු අයවලුන්, ඔවුන් 03 වෙනිදාට ප්‍රථම නිවාඩු යද්දි මෙවැනි තත්වයක් නොදැන ඔවුන් නිවෙස් වලට ගිහිල්ලා තියෙන්න ඇති.
ඉතිං මෙහිදී හමුවුණු ආශ්‍රිතයින් සම්බන්ධව අපි යම්කිසි දළ අවබෝධයක් සහිතව තමයි කටයුතු කරන්නේ. අපි ඔවුන්ට දුරකථන මාර්ගයෙන් කතා කරලා, හමුදාව නිවෙස්වලට යවලා, පොලිසිය යවලා, සෞඛ්‍ය අංශවලින් යවලා ඔවුන්ට දැනුම් දීලා තියෙනවා නිවෙස් වලටම වෙලා ඉන්නැයි කියලා. මොකද ඔවුන් ආශ්‍රයක් වෙච්ච නිසා බොහෝදුරට ඔවුන්ට කොවිඩ් ආසාදනය වී තිබෙන්න පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඉතිං ඒක එක තත්වයක්.
ඒත් එක්කම සමහර ආයතනවලින් ආසාදිතයින් හමුවෙලා තියෙනවා. නමුත් ඊයෙ දිනයේ හමුවුණු 103න් 101ක් ආශ්‍රිතයින්. ඒ ආශ්‍රිතයන් සමහර වෙලාවට ප්‍රථම ස්පර්ශකයින්, දෙවැනි ස්පර්ශකයින් හමුවුණු වෙලාවලුත් තිබෙනවා. ඒක හින්දා මේක මේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශයට පමනක් සීමා වෙන්නෙ නෑ. ඊයෙ හමුවුණු 101 බැලුවාම ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයෙන් තමයි 85% - 90%කට වැඩිය තිබෙන්නෙ. නමුත් ඇඳිරි නීතිය නැති පැතිවලින් එක්කෙනෙක් හමුවෙන එකත් ඉතාම හොද ප්‍රවණතාවයක් නෙවෙයි. මොකද මීට කලින් අපෙ විශේෂඥ වෛද්‍යවරුන් කිව්වා එක්කෙනෙක්ගෙන් මේක 520 දෙනෙකුට වුවත් පැතිරෙන්න පුළුවන් කියලා. ඒකත් එක තත්වයක්.
ඒත් එක්කම මෙවර තිබෙන ආසාදිතයින්ගෙ වෛරස් ලෝඩ් එකත් සාපේක්ෂව ඉහළ අගයක් කියලා වෛද්යවරුන් දන්වන්නෙ. ඉතිං මේ කරුණු කාරණා ගත්තාම යම්කිසි අවදානමක් තියෙනවා. ඒක නැහැයි කියලා කීමට කිසිසේත් හැකියාවක් නෑ. ඒක හින්දා තමයි කියන්නේ - ඔබ මම දන්නෙ නෑ කාටද කොවිඩ් තියෙන්නෙ කියලා. එක්කෙනෙක් හිටියත් පළාතක. ඔහු කීදෙනෙක් එක්ක ගැටෙනවද කියලා අපි දන්නෙ නෑ. නමුත් ශ්‍රී ලංකාවෙ ජනතාවගෙ හැම එක්කෙනෙක්ගෙම වගකීමක් වෙනවා අත්‍යාවශ්‍ය කාරණයක් හැරුණුකොට නිවසෙන් එළියට යන්න එපා කියන එක. මන්ද ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට මේක තමා එකම පිළියම. මීට අමතරව ඔබ යනවා නම් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නයි තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තත්වය පිළිබඳ අදස් දක්වමින් ඒ මහතා "අපට මෙහෙමයි, අවදානමක් කියන්නෙ විශාල වශයෙන් එක් ස්ථානයක රැකියා කරන ඕනෙම තැනක් - කටුනායක පමණක් නෙවෙයි ඕනෙම තැනක් - ඒ ආකාරයෙන් අවදානමක් නැතුවා නෙවෙයි. ඒක අපට කටුනායකට පමණක් සීමා කිරීමේ හැකියාවක් නෑ. මේ සේවක සේවිකාවන්ටත් අපි කියනවා ඔබගේ ආයතනයේ අය හැර වෙනත් ආයතනවල අය සමඟ ගැටෙන්නෙ නැතුව ඉන්න හැකිතාක් උත්සාහ කරන්න ඊළඟ දින 07 දි. සමහර වෙලාවට ඔබ ඉන්න බෝඩිමේ වෙනත් ආයතනයක අය ඉන්න පුළුවන්. ඒ තත්වයක් යටතේ ඔබේ නිවස සහ රැකියා කරන ආයතනය අතර පමණක් සංචරනය සීමා කරගන්න" යැයි ප්‍රකාශ කළේය.
ඉන්දියාවෙන් පැමිණි පිරිස ගැන සහ මිනුවන්ගොඩ පොකුරේ මූලාශ්‍රය සෙවීම ගැන විමසීමේදී ඒ මහතා පැවසුවේ. "අපි දැකපු දේ තමයි ඒ ප්‍රථම කාන්තාව හමුවෙද්දී අපට එයාම තමයි ප්‍රථම ආසාදිතයා කියන්න හැකියාවක් නෑ, මොකද එම කර්මාන්ත ශාලාවේ වෛද්ය අංශයට අනුව 21 වෙනිදා ඉඳලාම කැස්ස, හෙම්බිරිස්සාව වගේ ලක්ෂණ තිබෙන අයවලුන් වාර්තා වෙලා තිබෙනවා. ඒත් එක්ක තව එක් පුද්ගලයෙක් 15 වෙනිදාත් මෙවැනි තත්වයක් ඇතිවෙලා තිබෙනවා.
මේ මොහොතේ බුද්ධි අංශ අවධානය යොමු කරලා තිබෙන්නෙ ඊළඟට හම්බුවෙන්න ඉන්න අය සෙවීම සදහා විශේෂයෙන්ම. මේක අපි හොයනවා, නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ විශාල වශයෙන් මේක තවදුරටත් පැතිරයාම වැළැක්වීම සදහා හමුවුණු අයගේ ආශ්‍රිතයන් සෙවීම. විශාකාපට්නම් වලින් ආපු අයගේ නිරෝධායනය ඉවර වෙන්න තියෙන්නෙ 20 වෙනිදා. අපි හිතනවා ඔවුන් මේ වනවිට ගෙවල්වල ඇති කියලා. මේ ප්‍රශ්නෙ පටන් ගද්දි ඔක්තෝබර් 06 වෙනිදා තමයි ඔවුන් හමුදා නිරෝධායනය අවසන් වෙලා යන්න තිබ්බෙ. ඉතිං 06 වෙනිදා නෙවෙයිනෙ පළවෙනි කණ්ඩායම හමුවුණෙ ? 06 වෙනිදා වෙද්දි අපට බොහෝ සංඛ්‍යාවක් ලැබිලා ඉවරයි. ඒක අපි මීට ඉස්සෙල්ලාත් අවධාරණය කරලා තිබෙනවා.
No comments:
Post a Comment