බියගම පොලිස් ස්ථානාධිපතිවරයා හදිසියේම මිය යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

බියගම පොලිස් ස්ථානාධිපතිවරයා හදිසියේම මිය යයි


හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බියගම පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ.

මෙසේ රෝගාතුර වි ඇත්තේ රාජකාරී කටයුත්තකට සහභාගි වී ආපසු පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදීය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම ස්ථානාධිපතිවරයා නිදන්ගත රෝග කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

කෙසේ නමුත් ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad