රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න - ජනපති

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29)දින නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අවස්ථා කිහිපයකදී නව කොරෝනා වෛරස ආසාදිතයන් වැඩි වීමට හේතු වූ කරුණු මොනවාදැයි හඳුනාගෙන ඒවා නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

‘කොවිඩ්-19 මර්දන කාර්ය සාධක බලකායේ’ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (29)දින පැවැති රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350ක් තිබෙන බවත් ඉන් 28කින් ආසාදිතයන් හඳුනාගෙන ඇති බවත් සඳහන් කළ නිලධාරීහු වෛරසය සෙසු ප්‍රදේශවලට පැතිර වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව ද කීහ.


No comments:

Post a Comment

Post Bottom Ad