බුත්තල ගෝනගංආර විසිඑකේ කණුව ප්‍රදේශයේ දී අද (6) උදෑසන සිදු වූ වනඅලි පහරදීමකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් මියගොස් තිබේ.
වනඅලි ප්‍රහාරයෙන් තුවාල ලැබු අදාල සිවිල් ආරක්ෂක සෙබලා සුවසැරිය ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ විසිඑක කණුව ගෝණගංආර ලිපිනයේ පදිංචි වයස අවුරුදු හතලිස් අටක් වන පුද්ගලයකු බව ගෝනගංආර පොලිසිය පැවසීය.
මෙම වනඅලි පහරදීම නිසා කෝපයට පත් ප්‍රදේශවාසින් විසින් මේ වන විට බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය විසිඑකේ කණුව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් දැවැන්ත විරෝධතාවක නිරත වෙමින් සිටී.
ටයර් පුලුස්සා දමා මාර්ගය අවහිර කර මෙම විරෝධතාව පැවැත්වෙන අතර එම නිසා බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා එල්ල වී තිබේ.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරන පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර ගෝනගංආර පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.










No comments:
Post a Comment