කොරෝනාවෙන් ලෝකවාසීන් ආරක්‍ෂා කරන්නැයි රතන සූත‍්‍රය සජ්ජායනා කරන්නැයි සියළු විහාරස්ථානවලට දන්වයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

කොරෝනාවෙන් ලෝකවාසීන් ආරක්‍ෂා කරන්නැයි රතන සූත‍්‍රය සජ්ජායනා කරන්නැයි සියළු විහාරස්ථානවලට දන්වයි !

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබේ.

එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සඡ්ඡායනා කිරීම සිදු වෙයි.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සඡ්ඡායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

No comments:

Post a Comment

Post Bottom Ad