තමන්ට හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා නොදෙන්නේ නම් දේශපාලනයෙන් සමු ගැනීමට ජෝන් අමරතුංග මහතා සූදානම් වේ.
මැතිවරණයකින් පරාජය වන්නට ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීම එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය බවද ජෝන් අමරතුංග මහතා වික්‍රමසිංහ මහතාට මතක් කර දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් වන්නේ ජෝන් අමරතුංග මහතාගේ නමය.
පසුගිය මහ මැතිවරණයේ දී අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.
මහ මැතිවරණය අවසන් වී මාස දෙකක් ගත වී ඇති මුත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නියෝජිතයකු පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් පියවර ගෙන නොමැත.

No comments:
Post a Comment