පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අතරතුරේ දී මුදාහරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් ගේ සහෝදර රියාද් බදුර්දීන් නැවත අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා විසින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමා වෙත පැමිණිල්ලක් ගොනු කළේය.
හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙමින් 2020.10.07 දින ලබාදුන් ප්‍රකාශයකට අනුව පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරුවා හා ජාතික තවුහිත් ජමාත් නායක ලෙසින් කටයුතු කළ සහරාන් හෂීම් යන අය බෝට්ටුවක් මගින් 2018 වසරේ දී ඉන්දියාවට පැන යාමට රියාද් බදුර්දීන් සහය දුන් බවට තොරතුරු අනාවරණය කර ඇත.
එකී කරුණ මත හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වන රියාද් බදුර්දීන් යන අය ත්‍රරස්තවාදි නායකයෙකු වන සහරාන් හෂීම් සමග සෘජු සබඳතා පැවැත්වූ බවටත්, එකී ත්‍රස්ත ක්‍රියාවන් සදහා ආධාර අනුබල දීම් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වන බැවින් විමර්ශන අතරතුරේ දී මුදාහළ බදුර්දීන්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නා ලෙස මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
මේ අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මහතාද එක්විය.

No comments:
Post a Comment