ඓතිහාසික සෙල්ලකතරගම පුරාණ වල්ලිමාතා ගල්ලෙන් විහාරස්‌ථානයේ ප්‍රධාන දේවාලයේ පඬුරු පෙට්‌ටිය කඩා එහි තිබූ මුදල් නෝට්‌ටු රැසක් පැහැරගෙන ගොස් තිබේ.
පසුගිය 07 වැනිදා රාත්‍රි 1.30 ට පමණ මෙම සොරා දේවාලය වෙත රහසිගතව පැමිණ මෙහි තිබූ පඬුරු පෙට්‌ටිය කඩා දමා මුදල් නෝට්‌ටු පැහැරගෙන තිබේ.
මෙහි සවිකර තිබූ කැමරා පද්ධතියේ අදාළ සොරා ඇතුළුවන අයුරු හා මුදල් බෑගයකට දමාගන්නා අයුරු දැක්‌වෙයි. සෙල්ලකතරගම ප්‍රදේශයේ තවත් දේවාලයක ද මේ අයුරින් මුදල් පෙට්‌ටිය කඩා මුදල් සොරාගෙන තිබේ. මෙම සොරකම් සම්බන්ධව කතරගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර මෙම ඡායාරූපයේ දැක්‌වෙන පුද්ගලයා සම්බන්ධව තොරතුරක් දන්නා අයකු සිටී නම් 0472235222 කතරගම පොලිසියට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.
-දිවයින පුවත්පත.
No comments:
Post a Comment