කථානායකටත් මාස්ක් නෑ, මන්ත්‍රීවරුන් අතර මීටරේ පරතරේත් නෑ - නීතියේ වෙනස සජිත් පෙන්නයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 19, 2020

කථානායකටත් මාස්ක් නෑ, මන්ත්‍රීවරුන් අතර මීටරේ පරතරේත් නෑ - නීතියේ වෙනස සජිත් පෙන්නයි

පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද මුඛ ආවරණ පැළඳ නොසිටින බවත් ඔක්තෝබර් 15 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මීටරයක පරතරය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

සජිත් ප්‍රේමදාස මහතා එය පෙන්වා දීමෙන් අනතුරුව කථානායකවරයා මුඛ ආවරණය පැළඳගත්තේය. 

ඒ අනුව නිසි සෞඛ්‍ය නිර්දේශ පරිදි පාර්ලිමේන්තුවේ ආසන මීටරයක පරතරය සහිතව පිහිටුවා නැවත රැස්වීම ආරම්භ කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියත් කථානායකවරයා එය ප්‍රතික්ෂේප කළේය. 

එහිදී කොරෝනා වෛරසය මැඬපැවැත්වීම සඳහා රජය විසින් පැනවූ රෙගුලාසි උත්තරීතර පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරවීමට කථානායකවරයා අසමත් වීම පිළිබඳ තමන් කණගාටුවට පත්වන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ. 


No comments:

Post a Comment

Post Bottom Ad