කොරෝනා රෝගීයෙක් කොළඹ සිට හාලිඇලට පැනයයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

කොරෝනා රෝගීයෙක් කොළඹ සිට හාලිඇලට පැනයයි.



 කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අයෙක් පසුගිය 23 වැනිදා, තලංගම ඩිපෝවට අයත් අංක NB 9017 දරන කොළඹ සිට බදුල්ල දක්වා කොළඹින් පෙ.ව. 11.30ට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයෙන් කොළඹ සිට හාලිඇල නගරයට පැමිණ ඇති බව හඳුනාගෙන ඇත.

මෙම බස් රථයේ ගමන්ගත් මගීන් තම විස්තර ළඟම ඇති සෞඛ්‍ය අංශය වෙත දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

මෙසේ පැමිණි ආසාදිතයා හාලිඇල රොසට්වත්තේ වතු නිවසක සැගවී සිටියදී සොයාගෙන පොලොන්නරුව අරලගංවිල නිරෝධන මධ්‍යස්ථානයට ඊයේ ( 24දා) රැගෙන ගොස් ඇති අතර ආසාදිතයාගේ පවුල් දෙකක සාමාජිකයන් නවදෙනකු නිවෙස් දෙකක නිරෝධනයට ලක් කල බව හාලිඇල පොලීසිය පවසයි.

මෙම ආසාදිත පුද්ගලයා ගමන් කළ හාලිඇල නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් වසා දමා සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති අතර,ඔහු හාලිඇල සිට නිවස දක්වා ගමන් කළ බස්රථය සොයා බලා එහි ගමන් ගත් මගීන්ද සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ සහය මත නිරෝධනයට ලක් කිරීමට කටයුතු යොදා ඇත.

මේ අතර මොහු කොළඹ සිට පැමිණි තලංගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස්‍ රථය යලි බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී බලංගොඩ ප්‍රදේශයේ දී එම බස්රථය සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නවතා ගෙන එම බස්රථයේ රියදුරු ,කොන්දොස්තරවරයා සහ බසයේ ගමන් ගත් මගින් නිරෝධනයට ලක් කිරීමට ද කටයුතු කර ඇත.

එම ශ්‍රී ලංගම බස්‍ රථයේ රියදුරු කොන්දොස්තරවරයා බදුල්ලට පැමිණ ආහාර ගත් බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ ආපනශාලාවක් ද තාවකාලිකව වසා දමා ඇත.

SOURCE - COVID 19 SRI LANKA FB PAGE.

No comments:

Post a Comment

Post Bottom Ad