හෝමාගම මාළු වෙළඳසැලක හිමිකරුවෙකුට කොරෝනා ආසාදනය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

හෝමාගම මාළු වෙළඳසැලක හිමිකරුවෙකුට කොරෝනා ආසාදනය වෙයි



හෝමාගම නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව අද සිට එම වෙළඳසැල වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.


වෙළඳසැල් හිමිකරුගේ පවුලේ සාමාජිකයින් සහ වෙළඳසැලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.


එම මාළු වෙළඳසැලේ හිමිකරු පෞද්ගලිකව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad