බ‍්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ - සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 9, 2020

බ‍්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ - සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

න්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ගෙන්වන ලද ඔවුන්ගේ සේවකයන්ගෙන් කිසිවෙකු තමන් යටතේ නිරෝධායන වී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සඳහන් කරති. ඩේලි මිරර් පුවත්පත වෙත මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ගෙන්වන ලද සේවකයන් මුල් දින 14 හෝටලයක නිරෝධායන වූ බව පැවසුවද ඊළග දින 14 ක කාලය ස්වයං නිරොදායනය විය යුත්තේ තම නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බවයි.

නමුත් එම කිසිවෙකු දෙවන දින 14ක කාලය ස්වයං නිරෝධායනය තම සංගමය යටතේ සිදු වී නැති බවද සංගමය අවධාරණය කර ඇත.

එමෙන්ම ඩේලිමිරර් පුවත්පත එසේ පැමිණි සේවකයන් ගැන තොරතුරු මත්තල ගුවන්තොටුපල හා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉල්ලා සිටියද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල බවද වාර්තා කර තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad