ශවේන්ද්‍රට එරෙහි කුමන්ත්‍රණය පසුපස හමුදාවේ තිදෙනෙක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

ශවේන්ද්‍රට එරෙහි කුමන්ත්‍රණය පසුපස හමුදාවේ තිදෙනෙක් !

මරිකා එක්සත් ජනපදය විසින් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට තහනමක් පැනවීමට මුල් වී ඇත්තේ මෙරට හමුදා නිලධාරීන් තිදෙනකු යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණි පසු හෙළි වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා.

අදාළ හමුදා නිලධාරීන් තිදෙනා විසින් දිවුරුම් ප්‍රකාශ මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එම ප‍්‍රකාශ ලබා දී ඇතැයිද සඳහන්.

මෙම තිදෙනාගෙන් අයෙක් මේජර් ජෙනරාල්වරයෙක් වන අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය නිලධාරීන්ය.

හිටපු මේජර් ජෙනරාල් වරයා හමුදා සේවයෙන් ඉවත් කළ අයෙක් වනවා.

අදාල මේජර් ජෙනරාල්වරයා තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රහස් නියෝග නිකුත් කරන ප්‍රධානියා යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවසා ඇතැයිද හෙලි වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad