කොරෝනා සැක අම්මාව රෝහලට ගෙන යයි..ඇගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා ගැන PHI නොසළකයි – දරුවා දිවි නසා ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

කොරෝනා සැක අම්මාව රෝහලට ගෙන යයි..ඇගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා ගැන PHI නොසළකයි – දරුවා දිවි නසා ගනී !

කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කාන්තාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සියදිවි හානි කර ගැනීමේ අවාසනාවන්ත පුවතක් හෝමාගම – දොලහේන – හරිත පෙදෙසෙන් වාර්තා වුණා.

අදාළ කාන්තාව මහරගම ප්‍රදේශයේ මාළු වෙළදසැලකින් මාළු මිලදී ගෙන ඇති අතර අනතුරුව ඇයට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ (30) දිනයේයි.

විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 25ක ඇගේ පුත්‍රයා සමඟ ඇය නිවසේ තනිව ජීවත්ව ඇති අතර, මව රැගෙන යාමෙන් කම්පනයට පත් පුතු නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාළ දරුවා සම්බන්ධයෙන් අවදානයක් යොමු නොකළ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad