බදියුදීන් නිදහස් කිරීම ගැන අගරදගුරුගේ දැඩි විරෝධය.. දේශපාලන ගණුදෙනුවක් යයි චෝදනා..- මාධ්‍ය හමුවක කෙලින්ම කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

බදියුදීන් නිදහස් කිරීම ගැන අගරදගුරුගේ දැඩි විරෝධය.. දේශපාලන ගණුදෙනුවක් යයි චෝදනා..- මාධ්‍ය හමුවක කෙලින්ම කියයි..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇතැයි කීමෙන් දැනට මාස පහකට පමණ පෙරාතුව අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය සහ කනස්සල්ල පළ කරන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් සඳහන් කරයි.

මෙලෙස නිදහස් කිරීම පිටුපස දේශපාලන ගනුදෙනුවක් නැති බව තමන්ට සැක සිතන බවද උන්වහන්සේ කියා සිටිති.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය නිසි පරිදි සිදු කරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ මෑතකදී සිදු වූ ඇතැම් සිදුවීම් ගැන තම අප්‍රසාදය පළ කරන බව කියා සිටියහ.

අගරදගුරු හිමියන් මේ බව සඳහන් කළේ කොළඹ අගරදගුරු නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad