මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි - ඩයනා ගමගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි - ඩයනා ගමගේ

මන් ළමා සහ කාන්තා කටයුතු සම්බන්ධයෙන් වඩා කැමැත්තක් දක්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ඊට අදාල ඇමති ධුරයක් ලබා දුනහොත් එම වගකීම බාර ගන්නා බවද ඇය පවසයි.

20 වන සංශෝධනයට සහාය පළකරමින් ආණ්ඩුවට එක් වූ ඇය සඳහන් කරන්නේ තමන් ඇමති ධූරයක් බලාපොරොත්තු නොවන නමුත් ධුරයක් ලබා දුනහොත් එම වගකීම භාරගන්නා බවයි.

ආන්ඩුවට එක්වූ තමන්ට කිසිදු වරප‍්‍රසාදයක් නොඉල්ලූ බවත් තමන්ට මුදල් අවශ්‍ය නොවන බවත් රට වෙනුවෙන් කල්පනා කර මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටි.

තමන් තවදුරටත් විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියක් නොවන බවද පැවසූ ඇය ආණ්ඩු පක්ෂයේ සමග කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද කියා සිටියාය.

සිරස රූපවාහිනිය සමඟ ඇය මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad