පන්නල ඇගළුම් සේවිකාවක් හදිසියේ අසනීප වී මියයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

පන්නල ඇගළුම් සේවිකාවක් හදිසියේ අසනීප වී මියයයි

න්නල ප්‍රදේශයේ ඇඳුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් හදිසියේ රෝගාතුර වී මිය ගොස් ඇත.

ඇය හදිසියේ අසනීප වීමෙන් පසු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය මියගියේ යැයි පොලිසිය සඳහන් කරයි.

25 හැවිරිදි තරුණියක් මෙසේ මියගොස් ඇති අතර ඇය ගිරිඋල්ල බලගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පපුවේ අමාරුවක්, බඩේ අමාරුවක් සහ ක්ලාන්ත ගතියක් ඇතැයි පැවසූ නිසා පවුලේ අය ඇය දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාරවලට යොමු කරමින් සිටියදී ඇය මියගොස් ඇත.

එම තරුණියට කොරෝනා ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා පරීක්‍ෂණ සදහා යොමු කර ඇත.

පසුගිය 18 වැනි දා ද ඇය කොරෝනා පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ ඇය ආසාදිත නොවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad