ගම්පහ පොලිස් කොට්ඨාසයට සහ කැලණිය කොට්ඨාසයේ කඳාන සහ ජාඇළ පොලිස් බල ප්‍රදේශවලට මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කැළණිය පොලිස් කොට්ඨාසයට අයත් ජාඇළ සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.


No comments:
Post a Comment