මඩ ගහන්න එපා - මගේ දරුවන් පාසල් යන්න ඕනි – බ්‍රැන්ඩික්ස් පළමු රෝගී කාන්තාව රටෙන්ම ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 6, 2020

මඩ ගහන්න එපා - මගේ දරුවන් පාසල් යන්න ඕනි – බ්‍රැන්ඩික්ස් පළමු රෝගී කාන්තාව රටෙන්ම ඉල්ලයි


තමන් රැකියා ස්ථානයට හැර වෙනත් කිසිඳු ස්ථානයකට ගොස් නොමැති බව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරේ පළමුවරට සොයා ගත් ආසාදිත කාන්තාව පවසනවා.

ඇය වැඩිදුරටත් පවසන්නේ උදෑසනින් රැකියා ස්ථානයට යාමට අදාළ රථයට ගොඩවූ පසු නැවතත් නිවසට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදී බැවින් කඩයකට යාමටවත් ඇයට වේලාවක් නොමැති බවයි.

අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවට යම් පරීක්ෂකවරුන් පිරිසක් පැමිණියද ඔවුන් ඉන්දියානු ජාතිකයන්දැයි නොදන්නා බව මෙහිදී ඇය පවසා තිබෙනවා.

තමන්ට එල්ලවන මඩ ප්‍රචාර පිළිබඳව තමා ඉතාමත් දුක්වන බවද ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad