රාජ්‍ය ඇමති ටොකු අනිනවා.. මං ඇමතිකමෙන් අස්වෙනවා - ශ‍්‍රීලනිප ප‍්‍රබලයා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

රාජ්‍ය ඇමති ටොකු අනිනවා.. මං ඇමතිකමෙන් අස්වෙනවා - ශ‍්‍රීලනිප ප‍්‍රබලයා කියයි

මන් ඇමති ධූරය ද අතහැර දේශපාලනයට සමු ගැනීමට සිතන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කර තිබේ.

තම සමීප දේශපාලන හිතවතුන් පිරිසක් සමග සාකච්චාවක් පවත්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් කැබිනට් ඇමති වරයා වූ ද තමනට වඩා බලතල තමන්ගේ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බවයි.

මේ හේතුවෙන් දේශපාලනය ගැන කලකිරී ඇති බවත් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන නිදහසේ සිටින්නට කල්පනා කරමින් සිටින බවත් ඔහු කියා කියා තිබේ.

මෑතකදී ද ඔහුගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතනයකට මැදිහත් වීමක් සිදු කිරීමට ගිය අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ඔහු දැඩි සිත් වේදනාවෙන් සිටින බවද වාර්තා වෙයි.

මෙම ප්‍රබලයා පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ද ඇමතිධූරයක් දැරූ අයෙකි. 


No comments:

Post a Comment

Post Bottom Ad