නංගිගෙ ලියුම වැඩ කරයි : විදුර 20ට විරුද්ධ වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

නංගිගෙ ලියුම වැඩ කරයි : විදුර 20ට විරුද්ධ වෙයි !

20 වන සංශෝධනයට විරුද්ධ වීමට ජාතික උරුම, ප්‍රසංග කලා හා පුරා ග්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කොට ඇත.

20 වන සංශෝධනයට එරෙහිව අදහස් පළ කරන පාර්ශ්වයන්ගේ මතයට ඒ මහතාද එකග වීම ඊට හේතුව වී ඇති බව දැනගන්නට තිබේ.

මීට අමතරව 20 වන සංශෝධනයට එරෙහි වන ලෙස විදුර වික්‍රමනායක මහතාගේ සොහොයුරිය වන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මියද පසුගිය සතියේ ලිපියක් සිය ෆේස්බුක් පිටුවේ සටහන් කරමින් වික්‍රමනායක මහතාගෙන් ඉල්ලා තිබිණ.

ඇය එහිදී සදහන් කර තිබුණේ 20 මගින් නැවතත් පවුල්වාදය රට ඇතුළේ හිස ඔසවන හෙයින් ඊට විරුද්ධ වන ලෙසටය. 


No comments:

Post a Comment

Post Bottom Ad