මෝදි හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවකට සැලසුම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

මෝදි හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවකට සැලසුම්

න්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ දෙමළ ජාතික සන්ධානය(TNA) අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවති.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා දැනටමත් එරටින් ඉල්ලීමක් කර ඇති බවය.

එවැනි සාකච්ඡාවකට කටයුතු සම්පාදනය කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බව ද සම්බන්ධන් මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා පසුගිය අගෝස්තු මස 21 වැනි දා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් හමුවිය.

සැප්තැම්බර් 26 වැනි දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් ද පැවැත්විණි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවය. 


No comments:

Post a Comment

Post Bottom Ad