වෛද්‍යවරයෙකුට කොරෝනා - රිකිල්ලගස්කඩ රෝහල වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 24, 2020

වෛද්‍යවරයෙකුට කොරෝනා - රිකිල්ලගස්කඩ රෝහල වසා දමයි


රිකිල්ලගස්කඩ මූලික රෝහල ඊයේ (23) පස්වරුවේ සිට තාවකාලිකව වසා දමා ඇත. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා සඳහන් කරන්නේ මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ආසන්නතම රෝහලට මාරු කර යවා තිබේ.

ආසාදිත වෛද්‍යවරයා කැලණියේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පසුගියදා තම නිවසට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් ඇත.

ඒ හේතුවෙන් ඔහු සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයකු වී තිබේ.

එම රෝහලට රෝගීන් බාර ගැනීමද නතර කර දමා ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය රෝහල තුළම නිරෝධායනයට යොමුකර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad