දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එම තීන්දුව ගැනීම තවදුරටත් කල් නොදමන ලෙස ද එසේ කල්දැමුවහොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් ඇති බවද ඔහු දැඩිව අවධාරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad