විදේශ අමාත්‍යාංශයේ කොළඹ කොටුවේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය අමුත්තන් සඳහා තාවකාලිකව වසාතැබීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම අමාත්‍යාංශය පවසන්නේ අද (08) සහ හෙට (09) යන දිනවලදී කොන්සියුලර් කටයුතු අංශය විසින් සිදුකරන සියලුම සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇති බවය.
විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කළින් වේලාව වෙන්කරවා ගැනීමේ පදනම මත භාරගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ සඳහා 0112 338 836, 0112 335 942 හෝ 0112 338 812 දුරකථන අංක ඔස්සේ වේලාව වෙන්කර ගැනීමට හැකියාව පවතී.
මේ අතර බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී අති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද ලබන 16 වන දින දක්වා අත්හිටුවා තිබේ.
එම කාලය තුළ කල් ඉකුත්වන ආදායාම් බලපත්‍ර ලබාගැනීමේ දී නොවැම්බර් මස 15 වන දින දක්වා දඩ මුදලක් අය නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර විශ්‍රාම වැටුප් සක්‍රීය කිරිමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයින් කැදවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණිම අද හෙට (09) සහ අනිද්දා (10) යන තෙදින තුළ අත්හිටුවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවවන් ලබාගැනීම සඳහා බාහිර පුද්ගලයින්ගේ පැමිණීම ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවිමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මහජනතාවට අවශ්‍ය වන සියලුම බදු සේවාවන් www.ird.gov.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ 1944 ක්ෂණික ඇමතුම් අංශය ඔස්සේ ලබාගත හැකි බවය.
මේ අතර කැලණිය විශ්ව විද්‍යාලය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයක් වසා දමා නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ඇතැම් විශ්ව විද්‍යාලවල දේශන "ඔන්ලයින් ක්‍රමය" ඔස්සේ පැවැත්වීමට ද කටයුතු කර ඇති බවය.
මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ ආගමික ස්ථානවලට පැමිණිම සහ එක්රැස්වීම අවම කරන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ.
ආගමික ස්ථානවල පැවැත්වෙන ආගමික වාතාවත් සීමා කිරීම ආගාමික ස්ථාන සඳහා යායුතුම අවස්ථාවල දී සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිලිපැදීම නිරන්තරයෙන් සිදුකළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කළේය.
No comments:
Post a Comment