ආසාදිතයන් සමාජයෙන් මතු වීම ඇරඹිලා රට ඉතාම භයානක තැනකට.- GMOA - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

ආසාදිතයන් සමාජයෙන් මතු වීම ඇරඹිලා රට ඉතාම භයානක තැනකට.- GMOA

 

අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය

වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ සැණින් ද සියල්ල උඩුයටිකුරු වෙන බවත් මරන ගණන වේගයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පැවසීය.

සමාජ ව්‍යාප්තියකදී රෝහල් පද්ධතිය ඇඳන් සහ ඉඩකඩ පිරී යනු ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත් වී ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩපන වන බවත් අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

එනිසා යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ප්‍රවේශ වූවොත් රට ඉතාම භයානක තැනකට යනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Source -Lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad